iNaturalist ප්‍රජා වැඩසටහන සඳහා හැදුනුම් විශේෂඥයෙකු ලෙස දායකත්වය සැපයීමේ ප්‍රතිලාභ

This is a Sinhalese language translation of the community pages manuscript published in PLOS Biology, available here: https://doi.org/10.1371/journal.pbio.3001843.

Translation done by Sandya Nishanthi Gunasekara.

සංක්ෂිප්තය

iNaturalist වෙත ලැබෙන නිරීක්ෂණ ප්‍රාමාණාත්මකව දිනෙන් දින ඉහළ යමින් පවතින වාතාවරණයක් තුළ ජෛවවිවිදත්ව පර්යේෂණයන්හි උන්නතිය උදෙසා එම නිරීක්ෂණයන් හැකි උපරිම වර්ගීකරණ නිරවද්‍යතාවයෙන් හඳුනා ගැනීම අතිශයින් වැදගත්ය. අප මෙහිදී විමසුමට ලක් කරන්නේ iNaturalist හැඳුනුම් විශේෂඥයන්ගේ ප්‍රමාණය වැඩි කිරීමෙන් ලදහැකි ප්‍රතිලාභයි.

හැදින්වීම

ඉතා වේගයෙන් මානව විපර්ය්‍යාසයන්ට බදුන් වූ ලෝකයක ප්‍රාදේශීය මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා වපසරිය තුළ සිදුවන්නාවූ අනේක ජෛවවිවිදත්ව වෙනස්කම් හැඳුනා ගැනීමටත් අවබෝධ කරගැනුමටත් ජෛවවිවිදත්ව දත්ත මහත් උපකාරි වේ [1]. ජෛවවිද්‍යාත්මක අධීක්ෂණය අරමුණු කොටගත් ජෛවවිවිදත්ව සම්මුතියට (the Convention on Biological Diversity) එක්කල පශ්චාත් 2020 ජෛවවිවිදත්ව කෙටුම්පත ප්‍රත්‍යක්ෂ කරන්නේ දිනෙන් දින යාවාත්කාලින වන දැනුම තීන්දු තීරණ ගැනීමේ අත්‍යවශ්‍ය මාරගෝපදේශකයක් බවටයි. මෑත දශක කිහිපයේදී, ජෛවවිවිදත්ව දත්තවල මහා පරිමාණ වර්ධනයකි— එනම් ගෝලිය ජෛවවිවිදත්ව තොරතුරු මධ්‍යස්ථානය (Global Biodiversity Information Facility) සතුව ඇති සත්ත්ව වාර්තා ප්‍රමාණය බිලියන 2.1 පමණ වන අතර එය 2007 වර්ෂයට සාපේක්ෂව දොළොස් ගුණයක වර්ධනයකි [2]. එකී වැඩිවීම සඳහා අනුබලය සපයන ප්‍රධාන සාධකයකි දිනෙන් දින ඉහළයන පුරවැසි, නැතහොත් ප්‍රජා පදනම්, විද්‍යාවේ ජනප්‍රියතාවය.

දැනට සාරථකත්වයේ ඉහළින්ම සිටින වේදිකාවකි iNaturalist (www.inaturalist.org; [3]) — එය බහු ජෛවවර්ගීකරණ වේදිකාවක් මෙන්ම කැලිෆෝනියාවේ විද්‍යා ඇකඩමියේ (California Academy of Sciences) හා ජාතික භූගෝලීය විද්‍යා සමාජයේ (National Geographic Society) ඒකාබද්ධ ප්‍රයත්නයකි. iNaturalist පරිශීලකයන් වෙත ඕනෑම සත්තවයෙකු පිළිබද නිරීක්ෂණයට දායක වීමටත් (උදාහරණ., රූපසටහන 1), එසේත් නැතහොත් එකී සත්ත්වයෙකුගේ පැවැත්ම පිළිබඳ හෝඩුවාවන් ඊට අනුබද්ධ කාලාවකාශ පාරදත්ත හා සමගම නිරීක්ෂණයට අවකාශ සපයා ඇත. ඉනික්බිති එකී නිරීක්ෂණ වේගයෙන් දියුණු වන පරිගණක දෘෂ්ටි නිර්දේශයන් භාවිතා කරමින් iNaturalist ප්‍රජාව විසින් හඳුනා ගැනීමත් සත්‍යාපනයත් කරණු ලැබේ. නිරීක්ෂණයක් “පර්යේෂණ ශ්‍රේණියක්” (Research Grade) ලෙසට සැලකිය හැක්කේ එය වෙබ් අඩවියේ පාරදත්ත ගුණාත්මකභාවය පිළිබද නිර්ණායක හා ඒකමිතික වූ විටත් නිර්දේශිත හදුනාගැනීම්වලින් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්, එනම් එයින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් යම් සත්ත්ව කාණ්ඩයක් හා සමග සමානකම් කී විටදීය (උදාහරණයක් වශයෙන් 2/2, 2/3, 3/4 ආදී වශයෙන්; කෙසේ නමුදු සත්ත්ව කුලකයක් අභිබවා ඉතා නිරවද්‍යම තලයෙක හදුනාගැනීමක්ද පර්යේෂණ ශ්‍රේණියක් බවට සැලකිය හැක්කේ ඊට එහා තවදුරටත් හඳුනාගැනීමක් කිරීමේ හැකියාවක් නොපවතින බැවිනි). iNaturalist සතු දත්ත ප්‍රමාණය මෙන්ම දායකත්වය දරන්නන් ප්‍රමාණයද දිනෙන් දින ඉහළ යන අතර එහි දත්ත විවිධවූ විද්‍යාත්මක පර්යේෂණ අවශ්‍යතා සදහා සම්පූර්ණයෙන් දායක කරගැනීම වලකන ප්‍රධාන බාධකයක් වන්නේ සැලකියයුතු ප්‍රවීනතාවයකින් හෙබි, (උදාහරණ වශයෙන් නිපුණතාවයෙන් යුක්ත මෙන්ම සවිස්තරාත්මක හදුනාගැනීමක් කිරීමට හැකි පුද්ගල‍යන්) —මින් පසුව ‘හඳුනාගන්නන්’ ලෙස යෙදේ—සමාජය තුල නිරන්තර ක්‍රියාශීලි දායකයන්ගේ හිග බවයි. 2022 ජනවාරි වන විටදී iNaturalist වෙත එක්වූ පිරිස මිලියන් 2.5 කට අධික වන අතර එම පිරිසෙන් 92% ක් නිරීක්ෂණ පමණක් සිදුකල අයයි. 1<% පමණවූ පිරිසක් හඳුනාගැනීමක් සිදුකර ඇති අතර 7% වන පිරිසක් නිරීක්ෂණය සහ හඳුනාගැනීම යන දෙක සඳහාම දායකත්වය සලසා ඇත. එනම් හඳුනාගන්නන්ගේ ප්‍රමාණයේ වර්ධනයක් ඉතා පැහැදිලිව අවශ්‍යය වේ. iNaturalist හඳුනාගන්නෙකු ලෙසින් දායක වීමේ සත්වැදෑරුම් හේතූන් පිළිබඳ අප දරණ සාමුහික දැක්ම මෙහිදී ඉදිරිපත් කරන්නෙමු [කොටුව 1].

කොටුව 1: iNaturalist හඳුනාගන්නෙකු ලෙස දායකත්වය සැපයීම පිණිස මුලිකවන සත්වැදෑරුම් හේතුන්

1. ඔබගේ දායකත්වය ජෛවවිවිධත්ව දැණුම ප්‍රවර්ධනය කරයි

• ඔබ විසින් නිරීක්ෂණයට හදුනාගැනීමක් එක්කරන සෑම වාරයක් පාසාම එම වාර්තාවේ වටිනාකම ක්ෂණිකව ඉහළ නැංවෙන්නේ එම නිරීක්ෂණය හඳුනාගත් වර්ගීකරණ මට්ටමද ඒ හා සමඟ ප්‍රගමනය කිරීමෙන්ය

• උපරිම දැණුම වර්ධනය සඳහා හඳුනාගැනීමේ ප්‍රයත්නයන්ට ප්‍රමුඛත්වය ලබා දීම (උදාහරණයක් වශයෙන් දැනට ලෝකය තුළ අවම නියැදි පරීක්ෂාවට ලක්වූ ප්‍රදේශවල ජීවීන් හඳුනා ගැනීම, තර්ජනයට බඳුන් වූ සත්ත්ව ප්‍රභේද අධ්‍යයනය ඉලක්ක කිරීම හෝ ලෝකයේ ඉහළ ඒකදේශිකතාවෙන් යුක්ත කළාප කෙරේ අවධානය යොමු කිරීම)

2. අවකාශීය වාර්තාවල අගය ප්‍රවර්ධනය

• සීග්‍රයෙන් ප්‍රචලිතවන සංඛ්‍යාන විද්‍යාව සහ විධිමත් නියැදිකරණයන්ගෙන් සමන්විත දත්ත අනුකලක ප්‍රවේශයන් හේතුවෙන් හඳුනාගැනීමට බඳුන් වන එක් එක් වාර්තාවන් හරහා සත්ත්වයන්ගේ පැතිරීම සහ ඔවුන් සුලභව ගැවසෙන මාර්ග පිළිබද අපගේ දැණුම ප්‍රවර්ධන වේ

• iNaturalistහි පළවන ඡායාරූප නව්‍ය සහ අනන්‍ය දිවීතික අරමුණු, එනම් වැඩි වශයෙන් අවකාශීය පදනම මුල් කරගෙන භාවිතා වේ

3. තර්ජනයට ලක්වූ, ඌන, හෝ ආකමණශීලි සත්ත්වයන් පිළිබද දත්ත සඳහා දායකත්වයක් සැපයීමේ හැකියාව

• iNaturalist ආරම්භයේ පටන්ම එහි පරිශීලකයන් විසින් ඉතා වටිනා වාරතා ගොන්නක් එක්කොට ඇති අතර ඊට සහමුලින් වදවී ඇතැයි හෝ ප්‍රාදේශීයව සහමුලින්ම වදවීයැයි ඇතැයි සැලකුණු සත්ත්වයන් නැවත සොයාගැනීම, සැලකිය යුතු පරාස විස්තීරණය සහ නව ජාතික වාර්තා, පෙර ලේඛනගත නොවූ චර්යාවන් සහ ආගන්තුක සමාගම් පමණක් නොව නව ජීවින් සොයා ගැනීම හා එම ජීවීන් පිළිබද පසුකාලීනව එක්කරණ ලද විස්තරද ඇතුලත්‍ ය

• නව ප්‍රදේශ කරා සිදුවන ව්‍යාධිජනක පැතිරීම් පරීක්ෂාවටත් නව සොයාගැනීමක් සිදුවූ විට ඒ පිලිබද ඉතා ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහාත් iNaturalist උපකාරි වේ

4. iNaturalist යනු එසැනින්ම පරිහරණයට සූදානම්, මුදල් අය කිරීමක් නොමැති සහ ලෙහෙසියෙන් භාවිත කළ හැකි දත්ත එකතුවකින් පිරි ව්‍යුහයකි

• iNaturalist භාවිතයට අවශ්‍යය වන්නේ පරිඝනකයක් හෝ ජංගම දූරකථනයක් සහ අන්තර්ජාල සබඳතාවක් පමණි දත්ත ඇතුල් කිරීමක්, හඳුනාගැනීමක් සහ බාගත කර ගැනීමක් සඳහා අය කිරීමක් නොමැත

• iNaturalust සතු වටිනා අංගයකි ස්වයංක්‍රීය හඳුනාගැනීමේ නිර්දේශයන් ලබා දෙන්නාවූ පරිඝනක දෘෂ්ටියයි

• iNaturalist සතු තවත් වැදගත් මෙවලමකි “හඳුනා ගැනීමේ” උපාංගය (www.inaturalist.org/observations/identify). එය නිර්මාණය කර ඇත්තේ ඉතා ඉක්මනින් හඳුනාගැනීමක් කිරීමටත් ඒවා පුණරීක්ෂණය කිරීමටත් හැකි වන අයුරින්ය

5. ලෝකය පුරා සිදුවන ප්‍රවේගවත්, යථා කාලීන අන්තර්ක්‍රියා හා එක් වීමට ඔබටත් අවස්ථාව

• iNaturalist හා එක්ව කටයුතු කිරීමෙන් එහි විවිධ ආකාරයේ සාමාජිකයන් සමඟ එසැනින් අදහස් හුවමාරුකර ගැනීමටත් අන්‍යෝන්‍ය සබඳතා පවත්වාගැනීමටත් අවකාශ ලැබෙන අතර එමගින් ඊට සම්බන්ධ වන සියල්ලන්ට ප්‍රතිලාභ සැපයේ

• හඳුනාගැනීම් පිළිබඳ කතිකාවන් ඔබගේ හැකියාවන් තියුණු කර ගැනීමටත් ප්‍රවර්ධනටත් ඉඩ සළසන අතර ඉහළ දැණුමැති විශේෂඥයන් විසින් අඩු පළපුරුද්දක් සහිත විශේෂඥයන්ගේ හඳුනාගැනීම් තහවුරු කිරීම හරහා අනාගත හඳුනාගැනීමේ පරම්පරාවක් පුහුණුවට පදනමක් සැපයේ

6. ඉතා පුළුල් සභාවක් හා සමඟ එක්ව කටයුතු කිරීමේ අවස්තාව

• iNaturalist හට පුළුල් සමාජීයය බලපෑමක් නිර්මාණය සඳහා එලෝත්පාදක මෙන්ම බලවත් යාන්ත්‍රණයක් ලෙසින් දායකවන්නට හැක්කේ අනේක ආකාර පරිසර පද්දතීන් නියෝජනය කරන දහස් ගණනින් ලෝකය පුරා විසිරුණු පුද්ගලයන් හා සමඟ සම්බන්ධ වීමේ ඉඩකඩ හඳුනාගන්නන් හරහා සාක්ෂාත් කරගත හැකි හෙයිනි

• • iNaturalist වේදිකාව භාවිතයෙන් එහි සාමාජිකයන් සමග විවිධ කටයුතුවල නියැලීම තුළින් ජෛවවිවිදත්ව විද්‍යාව සඳහා වැදගත්වන නිරීක්ෂණයන්හි තත්ත්වය මෙන්ම ප්‍රමාණාත්මක බාවයද ප්‍රවර්ධනයට ඉඩ සැලසේ

7. ඔබ පිලිබද ස්වයං තෘප්තියක් දැනීම

• • ඔබ ඉතා හොදින් හඳුනන සත්ත්වයන්ගේ ඡායාරූප පිරික්සීම මෙන්ම ඒවා පිළිබද නව ස්වභාදම්වේදීන් දැනුවත් කිරීමට සහය වීම ආස්වාදයක් මෙන්ම පුද්ගලික තෘප්තියක් ගෙන දෙන්නකි

• • එවැනි නිරීක්ෂණවලින් සමන්විත නිල ව්‍යාපෘතියකි ‘iNat Observation of the Day’ මීට පිවිසෙන්න

පර්යේෂණයන්හි උන්නතිය කෙරේ හඳුනාගැනීම් දායක වන්නේ කෙසේද

ඔබ iNaturalistහි හඳුනාගන්නෙකු ලෙස කටයුතු කරන්නේ නම් ලෝකයේ කවර තැනකදි වුව සිදුකල නිරීක්ෂණයක් හඳුනාගැනීමට ඉඩප්‍රස්තා සැපයෙනවා පමණක් නොව එමගින් උපරිම දැණුම ප්‍රවර්ධනට අවකාශය සැපයේ. උදාහරණයක් වශයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඉතා සුලබව දක්නට ලැබෙන පක්ෂීන් හඳුනාගැනීමකට සාපේක්ෂව වැඩි වටිනාකමක් නිවර්තන කළාපීයව අතිශය දුර්ලභව අධ්‍යයනට බඳුන් වූ අපෘෂ්ඨවංශික ජීවීන් නිවැරදිතාවෙන් හඳුනාගැනීමකට කිසිදු විවාදයකින් තොරව ලැබෙනු ඇත. දෝශසහිත පෙර හඳුනාගැනීම් ඉතා විනිවිඳභාවයෙන් සංශෝධනයට iNaturalistට හැකිය. එමෙන්ම එම හඳුනාගැනීම කල අය මෙන්ම ඉදිරි කලෙකදී හඳුනාගන්නෙකු වීමේ බලාපොරොත්තුවක් වැඅයෙක් වීනම් එකී හඳුනාගැනීම පිළිබද හැදෑරීමට අවස්ථාව සැලසේ. යම් නිරීක්ෂණයක් සත්ත්ව ප්‍රභේද මට්ටමක් හා සමග නොසැසඳුනමුත්, යම් සත්ත්ව පවුලකට හෝ වර්ගයයකට අදාල විශේෂඥ හඳුනාගැනීමක් මෙන්ම කුමක් නිරීක්ෂණය කළයුතුද සහ ඉනික්බිති කුමක් ඡායාරූපගතකළ යුතුද යන්න පිළිබද ගුරුහරුකම් ලබාදීම යන කාරණා අනාගත දත්තවල ගුණාත්මක බව ප්‍රවර්ධනට උපයෝගි වේ.

අවකාශීය වාර්තා, කාලාවකාශය පදනම්ව ජෛවවිවිදත්ත්වයන් ප්‍රාමාණාත්මක කිරීම සඳහා භාවිතා වනවාට අමතරව iNaturalist ඡායාරූප අනන්‍ය මෙන්ම ද්වීතියික අරමුණු, එනම් බොහෝවිට අවකාශීය පදනමෙන් භාවිතා කෙරේ. උදාහරණයක් වශයෙන් හේමන්ත ඍතුවේදී කඳුකර එළුවන්ගේ ලෝම හැලීම අධ්‍යයනට අවකාශීය වාරතා භාවිතා වී ඇත [4]. මෙවන් කාර්‍යයන් සඳහා ඡායාරූප භාවිතය වඩාත් වටිනාකමක් දනවන්නේ නිරීක්ෂණය ය ඉතාමත් නිවැරදිම වර්ගීකරණ විභේදනයට අනුව හඳුනාගෙන ඇති විටයි; එනම් එවැනි හඳුනාගැනීමක් සාක්ෂාත් කර ගත හැක්කේ විශේෂඥ හඳුනාගන්නන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීමකින්‍ ය. හඳුනාගන්නන් විසින් එක් කරන iNaturalist අනුසටහන් (උදාහරණ: ශාක ජීවර්තු විද්‍යාව = මල් පීදීම), නිරීක්ෂණ ක්ෂේත්‍ර (උදාහරණ: ආගන්තුක සත්ත්වයන්), සහ ව්‍යාපෘති නිරීක්ෂණ (උදාහරණ: []මීමැස්සන් මල්පැණි කෙරේ ඒකාග්‍රව සිටීම](https://www.inaturalist.org/projects/bees-concentrating-nectar); [5]) මගින් නිරීක්ෂණ සඳහා තවත් වටිනාකම් එකතු වේ.

ආරම්භයේ පටන් iNaturalist පරිශීලකයන් විසින් ඉතා වැදගත් වාර්තාකරණයන්හි නියැලි අතර, ඒ අතර වඳවී ගියායැයි සැලකුණු හෝ ප්‍රාදේශීයව සහමුලින් වැනසීගියායැයි සැලකුණු සත්තවයන් පිළිබද වාරතාකරණයන්, (උදාහරණ [6]) සැලකියයුතු තරමේ පරාස ව්‍යාප්තීන් සහ නව ජාතික වාර්තා (උදාහරණ [7]) සහ පූර්වකාලයකදී ලේඛන්ගත නොකල චර්‍යාරටා සහ ආගන්තුක සබඳතා (උදාහරණ [8]). ඔස්ට්‍රේලියානු මත්ස්‍යයන් Australian Fishes යන ව්‍යාපෘතියට එක්කල නිරීක්ෂණ මගින් පෙර විස්තරාතමක නොවූ සත්ත්ව විශේෂ, පරාස ව්‍යාප්තීන්, සහ මෙතෙක් කලක් වාරතාගත නොවූ සත්ත්ව හැසිරීම් මෙන්ම සත්ත්ව සබඳතා 600 කට ආසන්න නව සොයාගැනීම් ප්‍රමාණයකට දායකතවය සැලසී ඇති අතර (උදාහරණ [9]), First Known Photographs of Living Specimens යන ව්‍යාපෘතිය සතු 3600 කටත් වැඩි වාර්තා එම ජෛවවර්ගීකරණ කාණ්ඩය පිළිබද පළමු මෙන්ම එකම ඡායාරූ වාරතා ලෙස සැලකේ [10]. ඉතා කඩිනමින් හඳුනා ගන්නා නව නිරීක්ෂණයන් ජෛවාරක්ෂක දෘෂ්ටිකෝණයෙන් බලන කලදී ඉතා වැදගත්කමක් උසුලයි. ප්‍රජා විද්‍යාව හරහා ආක්‍රමණශීලි සත්ත්වන් කඩිනමින් හදුනා ගත හැකිය [11]. 2020 ජූලි 31 වන දින ඇලෙන් හෝග් (Alain Hogue) විසින් (@alainhogue) iNaturalist වෙත හානිවූ එල්ම් පත්‍රයක (Ulmus sp.) ඡායාරූපයක් එකකරන ලදී මීට පිවිසෙන්න. පැය අටක් ඇතුළතදී පත්‍ර කැණීම සහ වෙනත් ශාක භක්ෂක කෘමින්ගේ ආගිය මාවත් සහ සලකුණු පිළිබද උතුරු ඇමෙරිකානු විශේෂඥයෙකු වන චාලි එයිස්මන් (Charley Eiseman @ceiseman) විසින් පරිකල්පනය කරන ලද්දේ එකී නිරීක්ෂණය උතුරු ඇමරිකාව තුළ පළමු වරට වාරතාගත වූ Elm Zig-zag Sawfly නම් තම නැගෙනහිර ආසියා නිජබිම අතික්‍රමනය කළ ආක්‍රමණශීලි කැතිමැස්සා (Aproceros leucopoda) බවයි. ඒකී නිරික්ෂණ වලින් පසු කැනේඩියානු ආහාර පිරික්සුම් ඒජන්සිය (Canadian Food Inspection Agency) සහ කැනේඩියානු වන සේවාවන් (Canadian Forest Services) විසින් කල ක්ෂණික ක්ෂේත්‍ර විමර්ශන මගින් නියැදිසාම්පල ගණනාවක් රැස් කරගත් අතර තවදුරටත් කැනඩාවේ සහ ඇ.එ.ජ තුළ Ulmus නිරීක්ෂණ සෝදිසියේදී තවත් බොහෝ වාර්තා ප්‍රමාණයක්ද ග්‍රහණය කර ගැනීමට හැකිවිය [12].

මේආකාර ‘විශේෂ’ නිරීක්ෂණ අරබයා නොවෙනස්ව දිවෙන හුයකි, යම් විශේෂඥයෙකුගේ හඳුනාගැනීමකට බදුන් වනතෙක් මේආකාර ‘විශේෂ’ නිරීක්ෂණ මිලියනයක් පමණවූ වාර්තා එකතුවක් අතර හුදෙක් තවත් එක් වාර්තාවක්ම පමණක් බව. සැබෑලෙසටම මිලියන ගණනින් ස්ථාන වෙනස්වීම් හෝ පරාස විස්තීරණයන්, නව ජාතික වාර්තා, නැවත සොයාගැනීම්, හෝ නව සත්ත්ව විශේෂ iNaturalist වෙත එක්කොට ඇති නමුදු එකී තක්සෝන හෝ කළාපය පිළිබද ප්‍රවීණතාවයක් දක්වන හඳුනාගන්නන්ගේ හිඟකම හෝ නොමැතිකම හේතුවෙන් එකී වාර්තා අවධානයට පාත්‍ර නොවී මගහැරේ.

සමාප්තිය

iNaturalist අපගේ ජෛවවිවිදත්ව දැණුම විවිධ කාලාවකාශයන් තුළ විපර්‍යාසයකට බදුන්කරයි. තම කාලවේලාව iNaturalist නිරීක්ෂණ හඳුනාගැනීම උදෙසා කැපකරන පුද්ගල‍යන් අපට අතිශය වැදගත් වන්නා සේම, නිරීක්ෂණ හඳුනාගැනීමට ප්‍රවීණයන්ට අවශ්‍ය වන කාලය ලබාදීම කෙරේ ආයතනික මට්ටමෙන් සහය ලැබීම ඊට සමාන ශුභසිද්ධියක් ඇතිකරන අතිරේක ඉඩප්‍රස්ථාවක් වන බව අප විසින් විශ්වාස කෙරේ. ඒ හා සමානව, අනාගත ජෛවවිවිදත්ව පර්යේෂණයන්හි වටිනාකම ප්‍රවර්ධනයෙහිලා ගෝලීය මට්ටමේ පවතින බාධක (උදාහරණය වශයෙන් අන්තර්ජාල ප්‍රවේශය සහ ජංගම දුරකථන පහසුකම්) පූර්ණ වශයෙන් පිටුදැකීම අත්‍යවශ්‍යයෙන් සිදුවිය යුක්තකි. කෙසේවෙතත්, කෙටිකාලීනව, iNaturalist වෙත ඔබගේ විශේෂඥය දැණුම සැපයීමට සලකා බලතැයි අප විශ්වාස කරමු — එහිදී දිනකට, සතියකට, හෝ මසකට විනාඩි 30ක් මිඩංගු කිරීම හරහා ජෛවවිවිදත්වය පිළිබඳ දරන අවබෝධය සාමුහිකව ප්‍රවර්ධනට සැලකියයුතු දායකත්වයක් ලබා දිය හැකිය. අවසන් වශයෙන් අවශ්‍යය ඕනෑම් උපදේශයක් හෝ මාර්ගෝපදේශකත්වයක් සඳහා අපහා සම්බන්ධ වන මෙන් අප ඔබ සියලුදෙනා හට විවෘත ආරාධනයක් කරන්නෙමු (වගුව S1 බලන්න).

මූලාශ්‍ර

[1] Stephenson PJ, Stengel C. An inventory of biodiversity data sources for conservation monitoring. PLoS One. 2020;10: e0242923.

[2] Heberling JM, Miller JT, Noesgaard D, Weingart SB, Schigel D. Data integration enables global biodiversity synthesis. Proc Natl Acad Sci U S A. 2021;118: e2018093118.

[3] Seltzer C, Making Biodiversity Data Social, Shareable, and Scalable: Reflections on iNaturalist & citizen science. Biodivers. Inf. Sci. Stand. 2019; e10197.

[4] Nowak K, Berger J, Panikowski A, Reid DG, Jacob AL, Newman G, et al. Using community photography to investigate phenology: A case study of coat molt in the mountain goat (Oreamnos americanus) with missing data. Ecol Evol. 2020;10: 13488-13499.

[5] Portman ZM, Ascher JS, Cariveau DP. Nectar concentrating behavior by bees (Hymenoptera: Anthophila). Apidologie. 2021;52: 1-26.

[6] Jones CD, Glon MG, Cedar K, Paiero SM, Pratt PD, Preney TJ. First record of Paintedhand Mudbug (Lacunicambarus polychromatus) in Ontario and Canada and the significance of iNaturalist in making new discoveries. Can Field-Nat. 2019;133: 160-166.

[7] De Roux JM, Noguera-Urbano EA, Ramírez-Chaves HE. The vulnerable Colombian weasel Mustela felipei (Carnivora): new record from Colombia and a review of its distribution in protected areas. Therya. 2019;10: 207-210.

[8] Putman BJ, Williams R, Li E, Pauly GB. The power of community science to quantify ecological interactions in cities. Sci Rep. 2021;11: 1-8.

[9] Booth DJ, Sear J. Coral expansion in Sydney and associated coral-reef fishes. Coral Reefs. 2018;37: 995.

[10] Mesaglio T, Soh A, Kurniawidjaja S, Sexton C. ‘First Known Photographs of Living Specimens’: the power of iNaturalist for recording rare tropical butterflies. J Insect Conserv. 2021;25: 905-911.

[11] Larson ER, Graham BM, Achury R, Coon JJ, Daniels MK, Gambrell DK, et al. From eDNA to citizen science: emerging tools for the early detection of invasive species. Front Ecol Environ. 2020;18: 194-202.

[12] Martel V, Morin O, Monckton SK, Eiseman CS, Béliveau C, Cusson M, et al. Elm zigzag sawfly, Aproceros leucopoda (Hymenoptera: Argidae), recorded for the first time in North America through community science. Can Entomol. 2021;154: 1-18.